Tuesday, January 25, 2011

2011 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පණිවිඩයක්

හැකි හැමවිට ධර්මය අපතුළින් පුරැදු කරමු.
අවංකව සිහිය වඩමු.
තමා ධර්මය අවබෝධ කළ යුතු වග අවංකවම සිතට ගමු.
ඒ සදහා කාලය කළමනාකරණය කරගමු
පෝයට සිල් ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
......ඒක අබිනික්මනට හොද පෙරහුරුවක්.
විරාගී බව හුරු කිරීමක්.

මේ කරැණු කරමින්ම ධර්මය කතා කරමු.

Saturday, December 18, 2010

අප දකින අසන විදින දේ පිළිබදව අන්තවාදීන්ය. | Sinhala Buddhist Articles

අප දකින අසන විදින දේ පිළිබදව අන්තවාදීන්ය.
ලෝකයා දකින විදින අසන දේ ගැන තමන්ට හැගෙන ලෙස
තමන්ගේ මානයන්ද උපයොගී කරගෙන සංජානනයේ ග්රහනයට හසුවන්නෝය.
ධර්ම මාර්ගයේ ඉගැන්වෙන සතිය මුල් කොටගත් ක්රියාවලිය
සැමවිටම ආයතන සයෙන් හටගන්නා අරමුණු පිළිබදව මධ්‍යස්ථ නිධානයම දකියි.

මෙත්තානිසංස

මෙත්තානිසංස සූත්රයේදී දේශනා කොට ඈත්තේ මෛත්රි භාවනාව බලවත් සමාධියක් ලෙස බහ්ලවශයෙන් පුහුණු කළ විට වස විස ගිණි විපත් නොවන බව මිසක

සාමාන්‍ය මෙත් භාවනා වෙන් එසේ වන බව නොවේ.නමුදු යමෙක් අල්පමාත්රව හෝ එය වඩයි නම් මහත් ඵල මහානිසංස වන්නේමය.

සත්‍යයාවබොධය අවසානයේ මෙවායින් තොර වන්නේය | Sinhala Buddhist Letter

සත්‍යයාවබොධය අවසානයේ මෙවායින් තොර වන්නේය
ඈදහීම
කැමැත්ත
ඈසූ විරෑ මාත්රය
ආකාර පරිවිතර්කය
...දෂ්ටි වශයෙන් බැසගැනීම

පොහොය දිනයේ විනොද ගමන් හා සාද පැවැත්වීම බහුල වෙම්න් පවතී.

පොහොය දිනයේ විනොද ගමන් හා සාද පැවැත්වීම බහුල වෙම්න් පවතී.අපගේ පවුල් අතර හිතමිතුරන් අතරවත් මේ ව්‍යසනය වළකා ගන්නට වෙර දරමු.

අර්ථ හානි වීම සුලභව දැකගත හැකිය. | We Must Protect Dhamma

භාග්‍යවතුන් වහන්සේගේ ඈතැම් දේශන මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරැ අර්ථ සහිතය. නමුදු එවන් දේශන වලට සාමාන්‍ය මතුපිටින් පෙනෙන අර්ථ සැපයීම සුලභය. ගුවන් විදුලි දේශනා වලින් මහත් සේවයක් වන අතරම ඈතැම් ගුවන් විදුලි දේශනා වලදී මෙම අර්ථ හානි වීම සුලභව දැකගත හැකිය. මෙය අප හමුවේ ඈති විසදා ගත යුතු ගැටලුවකි.

සංඝ විනය මහත් ගම්භීර ආපත්ති අනාපත්ති ආපත්ති වුට්ඨාන ක්‍රම වලින් යුත්තය.

මතු පිටින් පෙනෙන සුලු කරැණු මුල් කරගෙන සංඝ රත්නයට චෝදනා කිරීම අතිශයින් භයානකය. සංඝ විනය මහත් ගම්භීර ආපත්ති අනාපත්ති ආපත්ති වුට්ඨාන ක්‍රම වලින් යුත්තය.