Saturday, December 18, 2010

අප දකින අසන විදින දේ පිළිබදව අන්තවාදීන්ය. | Sinhala Buddhist Articles

අප දකින අසන විදින දේ පිළිබදව අන්තවාදීන්ය.
ලෝකයා දකින විදින අසන දේ ගැන තමන්ට හැගෙන ලෙස
තමන්ගේ මානයන්ද උපයොගී කරගෙන සංජානනයේ ග්රහනයට හසුවන්නෝය.
ධර්ම මාර්ගයේ ඉගැන්වෙන සතිය මුල් කොටගත් ක්රියාවලිය
සැමවිටම ආයතන සයෙන් හටගන්නා අරමුණු පිළිබදව මධ්‍යස්ථ නිධානයම දකියි.

මෙත්තානිසංස

මෙත්තානිසංස සූත්රයේදී දේශනා කොට ඈත්තේ මෛත්රි භාවනාව බලවත් සමාධියක් ලෙස බහ්ලවශයෙන් පුහුණු කළ විට වස විස ගිණි විපත් නොවන බව මිසක

සාමාන්‍ය මෙත් භාවනා වෙන් එසේ වන බව නොවේ.නමුදු යමෙක් අල්පමාත්රව හෝ එය වඩයි නම් මහත් ඵල මහානිසංස වන්නේමය.

සත්‍යයාවබොධය අවසානයේ මෙවායින් තොර වන්නේය | Sinhala Buddhist Letter

සත්‍යයාවබොධය අවසානයේ මෙවායින් තොර වන්නේය
ඈදහීම
කැමැත්ත
ඈසූ විරෑ මාත්රය
ආකාර පරිවිතර්කය
...දෂ්ටි වශයෙන් බැසගැනීම

පොහොය දිනයේ විනොද ගමන් හා සාද පැවැත්වීම බහුල වෙම්න් පවතී.

පොහොය දිනයේ විනොද ගමන් හා සාද පැවැත්වීම බහුල වෙම්න් පවතී.අපගේ පවුල් අතර හිතමිතුරන් අතරවත් මේ ව්‍යසනය වළකා ගන්නට වෙර දරමු.

අර්ථ හානි වීම සුලභව දැකගත හැකිය. | We Must Protect Dhamma

භාග්‍යවතුන් වහන්සේගේ ඈතැම් දේශන මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරැ අර්ථ සහිතය. නමුදු එවන් දේශන වලට සාමාන්‍ය මතුපිටින් පෙනෙන අර්ථ සැපයීම සුලභය. ගුවන් විදුලි දේශනා වලින් මහත් සේවයක් වන අතරම ඈතැම් ගුවන් විදුලි දේශනා වලදී මෙම අර්ථ හානි වීම සුලභව දැකගත හැකිය. මෙය අප හමුවේ ඈති විසදා ගත යුතු ගැටලුවකි.

සංඝ විනය මහත් ගම්භීර ආපත්ති අනාපත්ති ආපත්ති වුට්ඨාන ක්‍රම වලින් යුත්තය.

මතු පිටින් පෙනෙන සුලු කරැණු මුල් කරගෙන සංඝ රත්නයට චෝදනා කිරීම අතිශයින් භයානකය. සංඝ විනය මහත් ගම්භීර ආපත්ති අනාපත්ති ආපත්ති වුට්ඨාන ක්‍රම වලින් යුත්තය.

ආර්ථික වාසි තකා සගරුවන ඈසුරු කිරීම මහත් පාපයකි. | Buddhist Monks and Lay People

ආර්ථික වාසි තකා සගරුවන ඈසුරු කිරීම මහත් පාපයකි. රැකියා ලබා ගැනීම. හොර අත්සන් ගැනීම. වෙළද ප්‍රවාරණයට යොදා ගැනීම. ඡන්ද කාල වලට මැති ඈමති ගුණ කීමට යොදා ගැනීම පාප ක්‍රියා වන්නේය. භික්ෂුන් වහන්සේගන් සමාජ සේවයක් සිදු වුවද හුදු සමාජ සේවකයෙකු ලෙස සැලකීම ඉමහත් වරදකි.

වෙසක් පත් මුවාවෙන් මේ වැලන්ටයින් කාඩ් හුවමාරැව කෙළෙසකත් නොකළයුතුය. | Sharing Wesak Card

සද පහන් රැයක බෝමලුවක, සෑ මලුවක සුන්දරත්වය, අරලිය මල් ආරාමයක දසුන, පෙම්වතුන්ට වෙසක් සමයෙහි හුවමාරැව කොතරම් අගනේද? නමුදු ඒ වෙනුවට ශාන්ත රසය මකන රතු රෝස මල් පොකුරැ රැගත් දසුන් කිසිලෙසකත් වෙසක් පත් නොවේ ඒවා වැලන්ටයින් කාඩිය. ඒවා හුවමාරුව ඔනෑ තරම් කළ හැකිය. නමුදු වෙසක් පත් මුවාවෙන් මේ වැලන්ටයින් කාඩ් හුවමාරැව කෙළෙසකත් නොකළයුතුය.

ප්‍රතිපත්තියට භාධක වන ඉල්ලීම් නොකළ යුතුය. | How to do help for Monks

අප විසින් මහ සග රැවනට ප්‍රතිපත්ති රකින්නට හැකි සැම අයුරකින්ම උවටැන් කළ යුතුය. එය මහා උතුම් පින්කමකි. උන් වහන්සේලාගේ ප්‍රතිපත්තියට භාධක වන ඉල්ලීම් නොකළ යුතුය. පෙළබීම් නොකළ යුතුය. හය පාප කර්මයකි.

ධර්මය ලිවීම හා කීම ඉතා ප්‍රවේසමෙන් කළ යුතුය. | How to Spreading Buddha Dhamma

ධර්මය ලිවීම හා කීම ඉතා ප්‍රවේසමෙන් කළ යුතුය. භාග්‍යවතුන් වහන්සේ ඈතැම් අවස්ථාවල කරැණු හතරක් දේශනා කරයි නම් අපගේ උපුටා දැක්වීම් වලදී ඒ කරැණු හතරම එසේම ඉදිරි පත් කළ යුතු වන අවස්ථා ඈත. මන්දයත් එක් කරුණකට අර්ථය ගැන්වෙන්නේ කරැණු හතරම දැක්වූ විටය. මෙවන් අවස්ථා නොසලකා හැර ධර්මයට හානි නොකරන්නට වග බලා ගනිමු.

අවබෝධය පිණිස | Dhamma Learning

යමෙක් ධර්මයට හානි කරන්නට යැයි කියා දහම උගනී නම් ඔහු ප්‍රඤාවන්තයෙකු නම් දහමට හානි කිරීම අතහැර ධර්මය තවතවත් ඉගෙන ගෙන ශ්‍රාවකයෙකු වී අවබෝධය පිණිස වෙර දරයි.

මෙම බුද්ධජයන්තියේදී මේ වෙනුවෙන් කුමක් කරමුද?

අප විහාරස්ථාන වලට පියනගන්නේ වදින්නට පුදන්නටය. හිත නිවා සනසා ගන්නටය. නමුදු ඈතැම් විහාර අද ටියුෂන් පොළවල් වී ඈත. බැනර් කටවුට් වනයකි. තරැණ තරුණියන්ගේ අනග රැගුම්ය. මෙම බුද්ධජයන්තියේදී මේ වෙනුවෙන් කුමක් කරමුද?

2500 සම්බුද්ධ ජයන්තිය(1956) | Buddha Jayanthi 2500

2500 සම්බුද්ධ ජයන්තිය(1956)දෙස් විදෙස්හි මහත් අභිමානයෙන් සැමරිණි. මේ වනවිට අප විසින් ලබන්නාවූ මහත් පල ප්‍රයොජන රැසක් වෙනුවෙන් එහිදී කැපවී ක්‍රියා කළ සැමට අප ණය ගැතිය.

බුරුම රටේ පැවැති ත්‍රිපිටක ධර්ම සංගායනාව.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණය....
බෞද්ධ විශ්වකෝෂයක් සම්පාදනය කිරීමේ වගකීම දැරීමට ලංකා රජය තීරණය කළා.
තවද විවිධ සම්මේලන උත්සව දාන ශීල භාවනා මහ පින්කම්. සංවිධාන පිහිටුවීම.
රාජ්‍ය මට්මමින් තීන්දු තීරණ ගැනීම. නීති සම්මත කර ගැනීම. ආදී මෙකී නොකී දහසකුත් එකක් බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කටයුතු සිදුවුණා.

අප ජීවත් වන යුගයේ මෙම උතුම් බුද්ධ ජයන්තිය වෙනුවෙන්ද පෝස්ටර් බැනර් හා ආදර්ශ පාඨ වලට පමණක් සීමා නොවී පිළිවෙතට මුල්තැන දෙමින් මතු පරපුර වෙනුවෙන් පවතින යමක් සිදු කිරීම අපගේ වගකීම වන්නේය.

ආධාර ඉල්ලීම | Donation Sri lanka

ආධාර ඉල්වීම ඉතා සංවරව (ස්මාර්ට් විදිහට) සිදුවිය යුතුය. යාචකයන් සේ වෙහෙර විහාර ඉදි කිරීමට ආධාර ඉල්ලා අගෝචරයන්හි සැරි සැරීම හොද නැත. නමුදු අප වැඩි විඩියෙන් වෙහෙර විහාර ඉදි කිරීමට ආධාර දියයුතුය.

Sri lanka Buddhist Places

යාචක ස්වරෑප ගත් සිල් මෑණිවරැ බොදු සිද්ධස්ථාන වල මලු එල්ලාගෙන අපිරිසිදු දසුනෙන් හිදීම දෙස් විදෙස් කාගෙත් ඇස ගැටීම අශොභනය. මෙය වැළැක්වීමට ඔබේ යෝජනා මෙනවාද?